මැද පෙරදිග යුද උණුසුමෙන් ලෝක තෙල් මිලත් ඉහළ යයි.



මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුධ උණුසුම හේතුවෙන් ලෝක තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා.

ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැද පෙරදිග ගැටුම් උත්සන්න වීමෙන් තෙල් සැපයුම කඩාකප්පල් විය හැකි බවට මතුව ඇති භීතිය හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල පෙර පැවති මිලට වඩා සියයට 1ත් 5ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

අමෙරිකානු බලශක්ති තොරතුරු දත්තවලට අනුව ඉරානය යනු ලෝකයේ 07වන විශාලතම තෙල් නිෂ්පාදකයායි.

ඔපෙක් සමූහයේ තුන් වන විශාලතම සාමාජිකයා වන්නේද ඉරානයයි.

යුධ උණුසුම ඉහළ යාමත් සමග ඕමානය සහ ඉරානය අතර පිහිටා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වන නාවික මාර්ගයේ ගමනාගමනය සම්බන්ධයෙන්ද මේ වන විට දැඩි බියක් මතුව තිබෙනවා.

ලෝකයේ තෙල් වෙළඳාමට ඍජුව බලපාන මෙම නාවික මාර්ගයේ ලෝකයේ සැපයුම්වලින් සියයට 20ක් යාත්‍රා කිරීම විශේෂත්වයක්.

menu
menu