ඊශ්‍රායලයෙන් ගාසා තීරයට යළි ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාරම් නගරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ එම නගරය භාර ප්‍රධානියාද මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ සිවිල් වැසියන් විශාල පිරිසක් සිටින සරණාගත කඳවුරක ආපන ශාලාවකට ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බවයි.

එම ප්‍රදේශයේ සුන්බුන් විශාල වශයෙන් දක්නට ඇති බවද විදෙස් වාර්තා වල දැක්වෙනවා.

ප්‍රහාරක ජෙට් යානා භාවිතා කරමින් මෙම ප්‍රහාරය සිදු කළ බවටයි ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පලස්තීනය තවමත් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 695 දෙනෙකු මිය ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය පවසන්නේ.

menu
menu