ලයිසන් තුවක්කු ළඟ තබාගෙන සිටින සියළු දෙනාට
සිවිල් පුද්ගලයින් හට ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියළුම ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව තාවකාලික පදනම මත 1916 අංක 33 දරණ තුවක්කු ආඥා පනතේ 6 (1) හා 6 (2) වගන්ති ප්‍රකාරව ආරක්ෂක ලේකම් වෙත පැවරී ඇති බලතල අනුව රජය වෙත භාර ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත්කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත 2024.11.07 දිනට පෙර භාරදෙන ලෙස සියළුම බලපත්‍රලාභීන් හට දැනුම්දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.
දේපල ආරක්ෂාව / වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති ගිනි අවි සඳහා මෙය අදාල නොවන බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.