චිත්‍රපටයක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අද සිට සීමා
අද සිට ලබන 15 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමාකර තිබෙනවා.
ඒ, උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන්.
ඒ අනුව අද සිට ලබන 15 වනදා දක්වා උදෑසන 07යි 30 සිට සවස 05යි 30 දක්වා කාල සීමාව තුළ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කෙරෙන බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරී ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ