ජාතික ජනබලවේග ජාතික ලැයිස්තු අපේක්ෂකයින් නාමයෝජනා අත්සන් කරයි  

2024 මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂයින්ගේ නාමයෝජන අත්සන් කිරීම අද (10) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේදීයි.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය සිදුවී ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, කලාකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් ඇතුලු පිරිසකින් සමන්විත වනවා.

එමෙන්ම අදාළ ලැයිස්තුවට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාම යෝජනා බාර දීම හෙට (11) පෙරවරු 9.30ට මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි.

menu
menu