නාමයෝජනා ලැයිස්තුවෙන් දමිතාව දොට්ට දැම්මේ කාගේ කීමටද?
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව ට තොරතුරු වාර්තා වනවා.
ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.
ඒ වෙනුවට හේෂා විතානගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
දමිතා අබේරත්න ඊයේ (10) දින තමන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බව මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණා.