මතභේදයට තුඩුදුන් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් කියයි



මතභේදයට තුඩුදුන් පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයුන්දර මහතා මීට නොබෝ වේලාවක පෙර ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ගැටලු මතු වූ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු ලබාදෙන බවයි විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

එම විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ද ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

menu
menu