TikTok සේවකයින් සිය ගණනක් ගෙදර යවයි

සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok විසින් මැලේසියාවේ කාර්ය මණ්ඩලය විශාල සංඛ්‍යාවක් ඇතුළුව සිය ගෝලීය ශ්‍රම බලකායෙන් සිය ගණනක් සේවකයින් දොට්ට දමන බව නිවේදනය කර තිබේ.

ඒ ඔවුන් අන්තර්ගත මධ්‍යස්ථකරණයේදී AI වැඩි වශයෙන් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමු කරන බැවිනි.

මැලේසියාවේ රැකියා 700 කට වැඩි ප්‍රමාණයක් කපා හැර ඇති බව මීට පෙර මේ සම්බන්ධයෙන් TikTok ආශ්‍රිත මූලාශ්‍ර දෙකක් රොයිටර් පුවත් සේවයට පැවසීය.

චීනයේ ByteDance සතු TikTok, පසුව පැහැදිලි කළේ එලෙස රැකියා කප්පාදු කළේ සේවකයින් 500 කට වඩා අඩු ප්‍රමාණයකගේ බවයි.

සමාගමේ අන්තර්ගත මධ්‍යස්ථකරණ මෙහෙයුම්වලට සම්බන්ධ වූ බොහෝ සේවකයින්ට ඔවුන් සේවයෙන් පහ කිරීම ගැන විද්‍යුත් තැපෑලෙන් ඉකුත් බදාදා දන්වා ඇති බව වාර්තා වනවා.

රොයිටර් පුවත් සේවය කර ඇති විමසීමකට අනුව ටික්ටොක් සේවකයින්ගේ රැකියා කප්පාදුව තහවුරු කළ අතර එහි මධ්‍යස්ථ මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ පුළුල් සැලැස්මක කොටසක් ලෙස සේවකයින් සිය ගණනකට ගෝලීය වශයෙන් බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.

සමාගමේ වෙබ් අඩවියට අනුව ගෝලීය වශයෙන් නගර 200 කට වැඩි ගණනක ByteDance හි සේවකයින් 110,000කටවඩාසිටී

menu
menu