මුහුදු රළ ගොඩබිමට

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ ගොඩබිම වෙත පැමිණ තිබීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරන රථවාහනවලට බාධා එල්ල වී තිබෙනවා

රාත්‍රියේ සිට මුහුදු රළ ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්තල පැරෑළිය යන ප්‍රදේශවලින් ගොඩබිමට පැමිණ තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මුහුදු රළ සමග ගොඩ ගැසූ වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේ තැම්පත් වී තිබීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පොලිසිය හා ගාල්ල මහනගර සභාව එක්ව මාර්ගයේ තිබූ අපද්‍රව්‍ය ඉවත්කොට මාර්ගය යථා තත්ත්වයට පත්කිරිමට මගින් කටයුතු කර තිබෙනවා.

මේ අතර මුහුදු රළ ගොඩබිමට ගලාඒම හේතුවෙන් දෙවට වැල්ල හා කඩේවැල්ල ගාල්ල ජාකොටුවැල්ලල ධිවර තොටුපළවල්වල නතරකොට තිබු බෝට්ටුවලටද හානි වි තිබූ බව නෙත් නිවුස් වාර්තාකරුසඳහන්කළා

තවද කළුතර උතුර ප්‍රදේශයේ අද උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය සදහන් කර සිටියා

කළුතර කැලිඩෝ වෙරළ තීරය ආසන්නයේ කිලෝමීටරයටක ආසන්න දුරක නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්, සංචාරක නිවාඩු නිකේතන රැසක් , කළුතර මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ වැඩ ඒකක පරිශ්‍රය සහ අතුරු මාර්ග රැසක්ද මුහුදු ජලයෙන් යට වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

menu
menu