හමාස් නව නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

හමාස් නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසා තිබෙනවා.

දකුණු ගාසා තීරයේ රෆාහිදී ඊශ්‍රායල එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු හමාස් නායක ඉස්මයිල් හානියේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඝාතනයට ලක් වීමත් සමඟ ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස යහියා සින්වාර් හමාස් නායකත්වයට පත් වුණා.

හමාස් නව නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය පවසා ඇත්තේ එය හමාස් සංවිධානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය ලැබූ විශාලතම ජයග්‍රහණය වන බවයි.

ඔහුගේ මරණය හමාස් සංවිධානයට බරපතළ ප්‍රහාරයක් වනු ඇති බවයි ඊශ්‍රායලය වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඊශ්‍රායලය විසින් එල්ල කල එම ප්‍රහාරය හමාස් නායක යහියා සින්වාර් ඝාතනය කිරීමේ සැලසුම් සහගත ප්‍රහාරයක් නොවන බවටද වාර්තා පළ වනවා.

කෙසේවෙතත් යහියා සින්වාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හමාස් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

menu
menu