බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වැසි තත්ත්වය ලබන 24 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවේ.

menu
menu