සහල් මිල පොල් මිල රජයට පාලනය කරන්න බෑ ජනතාව අසරණයි  නියෝමාල් ආණ්ඩුවට අනතුරු අඟවයි 

රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බලවේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතා පවසනවා.
මේ වන විටත් ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යමින් පවතින බවයි නියෝමාල් පෙරේරා මහතා පැවසුවේ වෙළඳපොලේ මේ වන විටත් සහල් මිල පොල් මිල ජනතාවට දරා ගත නොහැකි තත්ත්වයේ ඉහළ යමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජය මැදිහත් වී හැකි ඉක්මනින් එය පාලනය කළ යුතු බවයි නියෝමල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්කමින් ඔහු මේ බව සඳහන් කළා
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ගෑස් සිලින්ඩරයට සහය දුන් ප්‍රබලයන් රැසක් මේ වන විටත් මේවා නියෝමාල් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායම සමග එක් එක් වෙමින් සිටින බවයි වත්තල ආසනයේ සංවිධායක නියොමාල් පෙරේරා පැවසුවේ .
ගම්පහ දිස්ත්‍රික්කයේ බලය මේ වන විටත් සමගි ජන බලවේගය තහවුරු කර අවසන් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් පැවසුවේ
menu
menu