ආරුගම්බේ අනතුර ගැන තොරතුරු රැසක් - පළමු පණිවිඩය ලැබුණු දිනයත් හෙළිවෙයි

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට දින 14කට පෙර තොරතුරු ලැබී තිබූ බව වාර්තා වනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ පසුගිය 10 වනදා වන විටද ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වෙත අදාළ ත්‍රස්ත්‍ර ප්‍රහාර අවදානම පිළිබඳ තොරතුරු ලැබී තිබූ බවයි.

ඒ අනුව ඉකුත් 12වනදා සිටම ආරක්‍ෂක අංශ ඊට අදාළ පියවර ගෙන තිබූ බවයි අනාවරණ වුණේ.

ඒ අනුව ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂාවට අතිරේක ආරක්‍ෂක අංශ සාමාජිකයින් 500කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමටයි කටයුතු කර තිබුණේ. මාර්ග බාධක 12ක්ද යොදා රථවාහන පරික්ෂා කිරීම සිදු කර තිබෙනවා.

මෙම ප්‍රහාර සැලැස්මේ ඉලක්කය වී තිබී ඇත්තේ ඊශ්‍රායල් ජාතිකයින්. කිසියම් අන්තවාදී කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති බවටයි පැවසෙන්නේ.

menu
menu