බූස්ස බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්

බූස්ස බන්ධනාගාරය තුළ සෝදිසි කිරීමකදී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම සෝදිසි කිරීම සිදු කර ඇත්තේ.

එම බන්ධනාගාරයේ පැරණි අංශයේ වාට්ටුව තුළ සහ විශේෂ අංශයේ පිහිටා ඇති බන්ධනාගාර රෝහල, බන්ධනාගාර නියාමක විවේකගාරය, බන්ධනාගාර ජේලර් විවේකාගාරය, රැඳවියන් රඳවා සිටින ස්ථානවල මෙම හදිසි සෝදීසි කිරීම සිදු කළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසුවේ.

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ වාට්ටුව තුළ ජංගම දුරකථනය සහ සිම්පතට අමතරව බන්ධනාගාර නියාමක විවේකගාරයේ ජනේලයක් මත තිබී ජංගම දුරකථන බැටරියක් හා බන්ධනාගාර ජේලර් විවේකාගාරය සිවිලිම උඩ තිබී පිටත ආවරණය ඉවත් කරන ලද චාජර් කොටසක් ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

menu
menu