ඉඩම් නඩුවකට අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු ඇමති බැසිල්ට දැනුම්දීමක්
මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාගවන නඩුවක තුන්වන විත්තිකරු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට අවසර ලබාගෙන තිබෙනවා.
ඒ, මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන්. අදාළ නඩුව ඊයේ දිනයේ කැදවූ අතර තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ ඉඩම මිලදී ගත් ආකාරය සම්බන්ධයෙන් නඩුව පවරා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
ජර්මන් ජාතිකයෙකුගෙන් අදාළ ඉඩම මිලදී ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ කැනඩාවේ වෙසෙන සහෝදරියකගේ නමින් බවයි වාර්තා වී ඇත්තේ.
ඉඩම මිලදී ගැනීම සඳහා ඇයගේ ගිණුමකට මුදල් බැර කර තිබෙනවා.
කෙසේවෙතත් එම මුදල් ලැබී ඇති ආකාරය නිශ්චිතව සනාත කිරීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම නඩුව පවරා තිබෙනවා.
ඒ අනුව ඉදිරි නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද අධිකරණය විසින් නියෝග කෙරුණා.