ජනාධිපතිවරණයේ වෙනත් පක්ෂවලට සහාය දුන් ප්‍රබලයන් රැසක්  නියෝමාල්ගේ  වේදිකාවට

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් ජන හමුවක්
සමගි මාවත වැලිසර ප්‍රදේශයේදී පැවැත් වුණා.
මෙම අවස්ථාවට තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු එක්ව සිටියා .එහිදී නියෝමාල් පෙරේරා මහතා පැවසුවේ. සමග ජන රජයක් පිහිටුවීමට අවශ්‍ය කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටි බවයි.
පවතින රජය කෙරෙහි ජනතාව මේ වන විටත් කල කිරීමෙන් පසුවන බවත් මහ මැතිවරණයේදී ජනතාව හරි තීන්දුව ගතයුතු බවයි නියෝමාල් පෙරේරා මහතා ජනතාව අමතමින් අවධාරණය කළේ.
ජනාධිපතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂවලට සහාය දුන් කණ්ඩායම් මේ වන විටත් තමා වටා එක් වී ඇති බවයි නියෝමාල් පෙරේරා පැවසුවේ
menu
menu