නියෝමාල්ගෙන් ජනතාවට පොරොන්දුවක්
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් රැස්වීමක් වත්තල පරණවත්ත ප්‍රදේශයේදී පැවැත්වුණා.
එහිදී ජනතාව පැවසුවේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මේ වන විටත් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි. එහිදී නියෝමාල් පෙරේරා මහතා පැවසුවේ. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු තම කණ්ඩායම මේ වන විටත් මැදිහත් වෙමින් අදාල බලධාරීන් දැනුවත් කර ඇති බවයි.
මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ සෘජුව මැදිහත් වී ඒ වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝමාල් පෙරේරා මහතා සදහන් කළේ .