ජනතාවට සහන දෙන්න සජිත්ගේ නව වැඩ පිළිවෙළක් නියෝමාල් ගම්පහ ජනතාව අමතමින් කියයි
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරණ තවත් ජන හමුවක් ගම්පහ ප්‍රදේශයේදී පැවැත් වුණා.
එහිදී නියෝමාල් පෙරේරා මහතා ජනතාවට කියා සිටියේ ජනාතිවරණයේදී ජනතාව විශ්වාසය තැබූ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මේ වන විටත් අසාර්ථක වී ඇති බවයි. ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් මෙවනවිට ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවද එහිදී නියෝමාල් පෙරේරා මහතා අවධාරණය කළා.
ජනතවගේ දුක හඳුනන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව ඔහු සදහන් කළා. සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමෙන් පසු නව ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ස්ථිර වශයෙන්ම ජනතාවට සහන ලබා දෙන බවයි ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නියෝමාල් පෙරේරා සඳහන් කළේ