බන්ධනාගාර රෝහලේ ඉන්න ලොහාන්ට විශේෂ ආරක්ෂාවක්
අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ.
බන්ධානාර මාධ්‍යප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පවසා සිටියේ, ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර භාර හිටපු රාජ්‍යඅමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙම විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට ලොහාන් රත්වත්තේ මහතා මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී පසුගිය 31 වනදා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.