මම සූදානම් මහින්දගෙන් අනුරට දැනුම්දිමක්
තමන්ට ලබාදී ඇති ආරක්ෂාව රජය විසින් අඩු කළ ද ජනතාව තමන් ආරක්ෂා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අනුව සිය ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් වැඩි අවධානයක් යොමු නොකරන බවයි විශේෂ සංවාදයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.
සිය පවුල වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වත්මන් රජය යම් විමර්ශනයක් සිදු කරන්නේ නම් ඕනෑම අවස්ථාවකදී එම විමර්ශන කටයුතු සඳහා සහාය දෙන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවා.