මහමැතිවරණයට දින දෙකක් පාසල් වැසේ
ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ලබන 13 සහ 14 දෙදින පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන සඳුදා බවයි එම අමාත්‍යංශය පැවසුවේ.
මහමැතිවරණය ලබන 14වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ලබන 12වනදා පාසල් වේලාවෙන් පසුව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාර දිය යුතු වනවා.
මේ අතර, 2024 මහමැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන් වනවා.
ඒ අනුව පසුගිය දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කළේ.