ගිනි අවි භාර දෙන්නැයි යළිත් ඉල්ලීමක්
විවිධ දේශපාලනඥයින්ට හා රජයේ ඉහළ නිලධාරීන්ට පසුගිය කාලසීමාවේ නිකුත් කර ඇති ගිනි අවි භාර දෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය යළි ඉල්ලිමක් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂවල නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත එලෙස ගිනි භාර දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ.
ජීවිත ආරක්ෂාව සඳහා ඒවා නිකුත් කර තිබුණේ ශ්‍රී ලංකා පොලීසියෙන් හා යුද හමුදාවෙන්. එලෙස පිස්තෝල, රිවෝල්වර් හා පතරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිරීක්ෂණය කර ඇත්තේ.
එම ගිනිඅවි දෙසැම්බර් මස 30 වන දිනට පෙර ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය අදාල පුද්ගලයන්ට දැනුම් දෙනු ලබනවා.