ඉන්දියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමකට සැරසෙයි
ඉන්දියාව නවතම නෞකා නාශක බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමට සූදානම් වනවා.
ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රහාරක ශක්තිමත් කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස එය ක්‍රියාත්මකයි.
නව නෞකා නාශක බැලැස්ටික් මිසයිලය මගින් කිලෝමීටර 1,000 කට වැඩි පරාසයක ඉලක්ක වෙත පහර දීමට හැකි වනු ඇතැයි ඉන්දීය හමුදාව පවසනවා.
මෙම මිසයිල අත්හදා බැලීම ඉදිරි දින කිහිපය තුළ සිදු කෙරෙනු ඇතැයි සඳහන්.
එය රටේ නැගෙනහිර වෙරළ තීරයේ සිට සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ගැටුම් පවතින රටවල් විසින් භාවිතා කරන බැලස්ටික් මිසයිල පිළිබඳ ශක්තිමත් තොගයක් නිර්මාණය කිරීමට මිසයිල පද්ධතිය නාවික හමුදාවට උපකාරී වනු ඇත.
මිසයිල මගින් ඉන්දීය නාවික හමුදාවට මතුපිට නැව් සහ වෙරළ පදනම් වූ ස්ථාන දෙකෙන්ම ඉලක්ක වෙත පහරදීමටහැකිවේ.