මැතිවරණ රජකාරියේ යෙදී සිටි තිදෙනෙකු හදිසි රෝගී තත්ත්ව හේතුවෙන් ජීවිතක්ෂයට
මැතිවරණ රාජකාරියේ අනියුක්ත කර සිටි ස්ථානාධිපතිනියක් හදිසියේ රෝගී වී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ කැස්බෑව, මඩපාත පොල්හේන සිරි සඳහම් භික්ෂුණී ආරාමයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිනිය බවයි කැස්බෑව පොලීසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ කොළඹ 12 මහාධිකරණයේ වැඩසටහන් සහායක නිලධාරිනියක ලෙස රැකියාව සිදු කරන පයාගල, ඉඳුරුවගොඩ ප්‍රදේශයේ 48 හැවිරිදි පදිංචිකාරියක්.
අදාළ කාන්තාව ඊයේ රාත්‍රියේ තවත් නිලධාරිනියන් දෙදෙනෙකු සමග භික්ෂුණී ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානයේ රැඳී සිටියදී හදිසි රෝගී තත්ත්වයක් ඇතිවී ඇති අතර එහි සිටි පොලිස් නිලධාරියා විසින් පොලිස් ජංගම සංචාරක රථයට ඒ පිළිබඳව දන්වා තිබෙනවා.
ඇය පිළියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කරන විටත්, මියගොස්ව සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර කෝපායි ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකට අනියුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකුද හදිසි රෝගී තත්ත්වයක් ඇති වී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකට අනියුක්ත කර සිටි තවත් නිලධාරියෙකුද රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.