නව ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ලබන 21 වනදා ජනපති ඉදිරිපත් කරයි
නව ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීම ලබන 21 වනදා පස්වරු 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදීයි.
පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමට ජනාධිපතිවරයාට බලතල හිමිවී ඇති බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිව ඇති බවයි එම නිවේදනයේ දැක්වුණේ.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.
මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්රතිපත්ති ප්රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ඇති.