නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නම්කර තිබෙනවා.
ඒ අනුව ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් මේ බව දැනුම් දුන්නා.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධූර 03ක් පමණයි.
ඒ, දිස්ත්‍රික් ආසන 02ක් සහ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් ලෙසයි.
පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 350,429ක්.
එය ප්‍රතිශතයක් ලෙස 3.14%ක් වනවා.