චීන ජනපතිගෙන් සහ අමෙරිකානු ජනපති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුව තිබෙනවා.

එය ජෝ බයිඩන් ඇමරිකානු ජනපතිවරයා වශයෙන් චීන ජනපතිවරයා සමඟ සිදුකල අවසන් සාකච්ඡාව වනු ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලොව විශාලතම ආර්ථිකයන් අතර සබඳතාව වැඩිදියුණු කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.

එම සාකච්ඡාව පැය දෙකකට පමණ සිමා වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ගත වූ වසර 4 ක කාලය තුළ චීන සහ අමෙරිකානු සබඳතා ස්ථාවර මට්ටමක පැවති බව චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම චීනය සෑමවිටම පොරොන්දු ඉටු කර ඇති බවයි චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

menu
menu