බන්දුලට CID යෙන් කැදවීමක්
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇතැයි වාර්තා වනවා.
ඒ, සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු ආදායම් සහ මහජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමිවන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.