මන්ත්‍රී අර්චුනාට පහර දුන්නාද? කථානායකගෙන් පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට පාර්ලිමේන්තුවේදී සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කථානායක ආචාර්ය අශෝක රංවල මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි කථානායකවරයා පැවසුවේ.

පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමන්ට පහරදුන් බවට මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටියා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සුමිත් සංජය පෙරේරා මහතා පැවසුවේ තමන් කිසිවෙකුටත් පහර නොදුන් බවයි.

menu
menu