පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවීම
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාම යෝජනා ආපසු කැඳවීම් සහ නව නාම යෝජනා කැඳවීමට විධිවිධාන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.