කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යළිත් හැක් වෙයි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබෙනවා.

එය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඉතා කෙටි කාලයක් තුළ එම වෙබ් අඩවිය හැක් කිරීමකට ලක් වූ දෙවන අවස්ථාව මෙය වනවා.

මීට පෙර පසුගිය නොවැම්බර් මස 12 වැනිදා ද එය හැක් කිරීමකට ලක් වුණා.

මේ අතර මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරෙනවා

menu
menu