කල්දැමුණු උසස් පෙළ විභාග කාල සටහන ලබන 07 වැනිදා සිසුන්ට

දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභගය අද (04) සිට යළි ආරම්භ වනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, මීට පෙර නිකුත් කර තිබූ කාල සටහනට අනුව විභාග කටයුතු සිදු‌ කෙරෙන බවයි.

ඒ අනුව එම කටයුතු ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

විභාග පැවැත්වීමට නොහැකි වූ විෂයන් සඳහා සංශෝධිත කාල සටහනක් නිකුත් කර ඇති අතර ඒ අනුව දෙසැම්බර් 21 වනදා සිට 31 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අදාළ කාලසටහන ලබන 07 වැනිදා සිසුන්‌ වෙත ලබාදීමට නියමිත බව සඳහන්.

menu
menu