වන රක්‍ෂිතයක පුරාවස්තු සෙවූ සිව් දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරක් මත ඇටබුබුර රක්‍ෂිතයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 61 අතර වයස්වල පසුවන මහනුවර, මොණරාගල හා කුරුණෑගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

menu
menu