ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එහිදී අධිකරණය නියෝග කර තිබුණේ ඔහුව එළඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ය.

ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී ඊයේ (6) අනතුරක් සිදුවිය.

අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බීමතින් රිය පදවා ඇති බවය.

menu
menu