වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේදී වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ජාඇල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. සැකකරුවන් අදාල වාලම්පුරි දෙක රුපියල් ලක්ෂ 18 ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටි බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

menu
menu