කථානායකට වෙච්ච දෙයක් ආචාර්ය පට්ටම හදිසියේම ගැලවෙයි
නව පාර්ලිමේන්තුවේ අභිනව කතානායක අශෝක රංවල මහතාගේ නම ඔහු පත්වූ දා සිට ‘ ආචාර්ය අශෝක සපුමල් රන්වල’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූවා.
කෙසේවෙතත් මේ වන විට ඔහුගේ නමට ඉදිරියෙන් වූ ආචාර්ය ගෞරව නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත්කොට තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය ධූරය තවදුරටත් වලංගු නොවනු ඇති.
අශෝක රන්වල මහතාගේ ආචාර්ය ධූරය පිලිබඳව පසුගියදා දැඩි කතාබහකට ලක්වූ අතර ඊට පිළිතුරු දීම ඔහු විසින්ද මඟහැර සිටීමද විශේෂත්වයක්.