කතානායකට එරෙහිව විපක්ෂය වෙන වැඩකට ලැහැස්ති වෙයි
කථානායක අශෝක රන්වල මහතා පවසා ඇති පරිදි තම අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පැහැදිලි කිරීමට අපොහොසත් වුවහොත් විශ්වාසභංගයක් ගෙන ඒමට සලකා බලන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.
අශෝක රන්වල මහතා බලයට පත්වීමට සහ කථානායක ධුරය ලබා ගැනීම සඳහා මෙම ආචාර්ය ධුරය භාවිත කර ඇති බවත් එල්ල වන චෝදනාවන්ට නිසි පිළිතුරක් ඔහු මෙතෙක් ලබා නොදීම ගැටලු සහගත බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.