චෝදනා එල්ල කරමින් තවත් ප්‍රබලයකු සජිත් හැර යයි
තමන් ඇතුළු කණ්ඩාම සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද ප්‍රකාශයට පත් කළා.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජගත් කුමාර මහතා සඳහන් කළේ තමාට පක්ෂයේ විවිධ සංවිධායක ධූර ලබා දුන්නත් ඒ එකම පත්වීමක්වත් යථාර්තයක් බවට පත් කිරීමට මැතිවරණ සමයේ හෝ ඉන් පසුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු නොකළ බවයි ඔහු සඳහන් කළේ
සමගි ජන බලවේගය තුළ තවදුරටත් රැඳෙමින් සිය පාක්ෂිකයින්, ක්‍රියාකාරීන් හිටපු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අනාගතය විනාශ වීමට ඉඩ නොදී මෙම තීරණය ගත් බවද ජගත් කුමාර මහතා මෙහිදී වැඩි දුරටත් පැවසුවා