රංගන ශිලිපිණි මහේෂිගේ සැමියා රිමාන්ඩ් ගෙදරට ආපු පොලිසියට පහරදීලා
ජනප‍්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කර තිබෙනවා
ඒ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාලවයි.
ඔහුගේ පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා
මහේෂි මධුසංඛා පවුල් ආරවුලක් ගැන බොරලැස්ගමුව පොලීසියට දුරකථන මාර්ගයෙන් කරන ලද පැමිණිල්ලක් මත එහි ගිය පොලිස් නිලධාරීන්ට එම නිවසේදී ඇගේ සැමියා විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ
ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටි පොලිස් නිලධාරීන්ට පහර දී ඇති අතර ගැටුම බේරන්නට මැදිහත් වූ තවත් නිලධාරියෙක්ද තුවාල ලබා තිබෙනවා
පසුව තවත් පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු අධික ලෙස බීමත්ව සිට ඇත