බිත්තර මිල ගැන අලුත්ම ආරංචිය ඉදිරියේදී වෙන්න යන දේ
වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සදහන් කළා
ඔහු පවසන්නේ, මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 28ක් දක්වා පහත වැටී ඇති බවයි.
උත්සව සමයේ දී වෙළෙඳපොළේ බිත්තර මිල වැඩිවෙතැයි අපේක්ෂාවෙන් තොග රැස්කරගෙන සිටි පුද්ගලයින් එම බිත්තර තොග වෙළඳපොළට නිකුත් කිරිමත් සමඟ ඉදිරියේ දී තව දුරටත් බිත්තර මිල අඩුවිය හැකි බව ඔහු පැවසුවා.