දුම්රිය පෙනී පෙනී මව සහ  දියණිය ගත් අවසන් සෙල්ෆිය

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.
අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක් සහ දියණියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබෙන්නේ
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වයස ඇති දැරියක් හා අවුරුදු 38ක පමණ ඇති වයසක මවක් බව පොලීසිය පැවසුවේ
ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබාගමින් සිටියදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙන්නේ
මෙම එම සෙල්ෆි ඡායාරූපය ගැනීමේදී ඔවුන් සමග පැමිණි තවත් තරුණයෙක් ද සිට ඇත.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයකු පැවසුවේ මෙහෙම කතාවක්
අපේ ගේ ළඟින් තමයි එයාලා ගියේ අපි දැක්කත් සෙල්පි ගහනවා .මම කෝච්චිය එනවා කියලත් එයාලට කිව්වා කෝච්චිය ළඟට එනකොටත් ෆොටෝ ගැහුවා මම කෑගහලා කිව්වා අයින් වෙන්න කියා කවුරුත් ගණන් ගත්තේ නෑ අන්තිම මොහොතේ ළඟ හිටපු තරුණයා උඩට පැන්නා
menu
menu