ඇප මත නිදහස් වූ කුඩු සළිදු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්
ඇප මත පසුගිය දා නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා යලිත් අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබෙනවා .
ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරිදා දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස "කුඩු සළිඳු" නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණා
එහෙත් ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වන්නේ
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කර තිබෙනවා
එම කරුණු සැලකිල්ලට ගෙන "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන්නේ