ප්රියා සූරියසේනයන් දිවිසැරිය නිම කරයි ඔබට සුබ ගමන්
ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්රාප්ත වනවිට ඒ මහතා 72 හැවිරිදි වියේ පසු වුණා.
ප්රියා සූරියසේන මහතාගේ දේහය හෙට පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
1968 වසරේදී ඔහු සංගීත ක්ෂේත්රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙන්. අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණා.
හෙට දවසේ අප දෙදෙනා, අදුර අදුර මගේ, සරතැස නිවා, කිරිසයුරේ, ඈත රන් විමන්, ප්රණීත මී බිඳු, ඇතුළු ගී රැසකින් ඔහු ජනාදරයට පත් වුණා.