අපි මැති ඇමැතිලාගේ කටවල් වහලා නෑ ක්‍රමවේදයකට යන්නේ
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීමට කිසිදු සීමාවක් පනවා නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා
පක්ෂ අවසරය අවශ්‍ය බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා සම්මුඛ සාකච්ඡාවක් ප්‍රතික්ෂේප කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී ජනමාධ්‍යවේදියකු ඉදිරපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවසුවේ කිසිම මන්ත්‍රීවරයකුට තහනමක් නැහැ. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඔවුන්ට නිදහස තිබෙනවා. කොහොම වුණත් ඒ ක්‍රියාවලිය විධිමත් කළ යුතු බව මම විශ්වාස කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සතිපතා කැබිනට් මාධ්‍ය හමුවක් පවත්වන්නේ රජයේ තීරණ දැනුම් දෙන බවත්, එහිදී ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට නිදහස තිබෙන බවත් ඔහු අවධාරණය කළා.
අමාත්‍යවරුන් තම අමාත්‍යාංශ හරහා යාවත්කාලින කිරීම් කළ යුතු පරිදි තොරතුරු ලබාදෙන බව පැවසුවා.
.කිසිම තහනම් නැහැ. යමක් තිබෙනවා නම්, එය කාල සීමාවන් පිළිබඳ කාරණයක් මිස සීමාකිරීමක් නෙවෙයි.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා