අවසන් වූ පැය 24ක කාලය තුළ කිසිදු අනතුරක් වාර්තා නොවීම විශේෂත්වයකි.

ගතවු පැය 24ක කාලය තුළ මාර්ග නීති කඩකිරීම් සහ නොසැළකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සහ බීමතින් රිය පැදවූ රියදුරන් 251ක් ඇතුළුව රියදුරන් 9,000කට ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා .
දෙසැම්බර් 23 වැනි දින සිට දීප ව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් පොලිසිය ආරම්භ කළා .
මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම සහ අනතුරු අවම කිරීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන උත්සව සමය පුරාම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය නිවේදනය කළේ .
මෙම මෙහෙයුම පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා .
පොලිසිය පැවසුවේ මෙම මෙහෙයුමේදී රියදුරන් 8,747 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගත් බවය.
එමෙන් ඊයේ දිනෙන් අවසන් වූ පැය 24ක කාලය තුළ කිසිදු අනතුරක් වාර්තා නොවීම විශේෂත්වයක්
menu
menu