ඉන්දියා කන්කසන්තුරේ නැව් සේවාව යළි ඇරඹෙයි
පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02) සිට යළි ක්‍රියාත්මක කරන වාර්තා වෙනවා.
හෙට දිනයේදී නැවත ඇරඹෙන මගී නැව් සේවව සඳහා මගීන්ට අවශ්‍ය කෙරෙන ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දීමට එම සේවාව ක්‍රියාත්මක කරන සිව ගංගී නැව් සමාගම පියවර ගෙන තිබුණා.
එමෙන්ම සතියේ ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි නැව් සේවා සමාගම මගී ගමනාගමනය සිදුකිරීමටද අපේක්ෂා කරෙනවා.
මෙම නැව් සේවාව මඟින්, ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි දක්වා ගමන් කිරීමේ ගාස්තුව රුපියල් 35,000ක් ලෙස දක්වා තිබෙනවා.