ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක්
පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද විවෘත කෙරුණා.
ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන්.
පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුළ ඉදිකරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධකිරීමේ ඒකකය ද මෙය වනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.
මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුළ නේවාසිකව ප්‍රතිකාර ලබාගන්නා ළමුන් සඳහා පවතින ඉඩ පහසුකම් අවම වීම හේතුවෙන් එම රෝහලේ තෙමහල් වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් 2023 වසරේදී ඉදිරිපත් වී තිබුණා.