යෝෂිතගෙන් CIDයට පැය දෙකක ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගියා.
ඔහු අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියා.
ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින ලෙසට එම දෙපාර්තමේන්තුව මීට පෙර කර තිබූ දැනුම්දීමකට අනුවයි.
කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එලෙස කැඳවා තිබුණා.
එම සිද්ධියට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවා.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා.
ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා මීට පෙර කළ ප්‍රකාශයක් පිළිබඳ සිදු කෙරෙන විමර්ශන සඳහායි.