මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ගැන තීරණයක්
මෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසයි.
ඔහු පැවසුවේ ඒ අනුවමුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මස ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.