ගමන් කරමින් තිබු ගුවන් යානයක හදිසි දොරටුව විවෘත කළ අයෙක් අත්අඩංගුවට
ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි ලෝගන් ගුවන් තොටුපළේ ගුවන් ගත වෙමින් තිබු ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව එහි ගමන් ගත් මගියෙකු විවෘත කිරීමට උත්සහ කර තිබෙනවා
ජෙට්බ්ලූ 161 ගුවන් යානයේ මගියෙකු වන පුවර්ටෝ රිකෝ ජාතිකයෙකු මෙලෙස සිදු කර ඇති අතර මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය බොස්ටන්හි ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොස් එම ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයා තම පෙම්වතිය සමඟ ආරවුලක් ඇති කර ගෙන ඇති අතර ඉන් අතරතුර ගුවන් යානයෙන් පිටතට පැනීමට උත්සාහ කර තිබෙනවා
පසුව ගුවන් යානයේ සිටි මගීන් විසින් පොලිස් නිලධාරීන් පැමිණෙන තෙක් ඔහුව පාලනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
අත්අඩංගුවට ගත් මෙම මගියා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ගෙන ගොස් තිබෙනවා.
පසුව නැගෙනහිර බොස්ටන් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී එම පුද්ගලයාගේ දෙමාපියන් ඇප තැන්පත් කර ඇති අතර අධිකරණයේ පෙනී සිටීමට සිදු වන බැවින් මැසචුසෙට්ස් වෙත හැර නොයන ලෙසත් නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජෙට්බ්ලූ ගුවන් සේවයට අනුව, එම ගුවන් යානයේ මගින් වෙනත් ගුවන් යානයකට මාරු කර සැන් ජුවාන් වෙත පිටත් කර ඇති බෑවත් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුකිරීමට නියමිතයි